අන්ධ ස්වාමිපුරුෂයා – හදවතට දැනෙන සැබෑ ආදර කතාවක්
එක්තරා තරුණයෙක් ඉතාමත් රූමත් තරුණියක් සමඟ විවාහ වුණා. ඔවුන් දෙදෙනා ඉතාමත් සතුටින් යුග ජීවිතය ගත කළා. ස්වාමිපුරුෂයා ඇගේ රූපයට වගේම ඇයටත් මුළු හදවතින්ම ආදරය කළා. නමුත් විවාහයෙන් මාස කිහිපයකට පසු, ඇය දරුණු චර්ම රෝගයකින් පෙළෙන බව දැනගන්නට ලැබුණා. මේ රෝගය නිසා ඇගේ රූමත් බව ටිකෙන් ටික නැති වී යන බව ඇයට වැටහුණා. ඇය තනිවම මෙහෙම හිතුවා, "මම අවලස්සන වුණොත් මගේ සැමියා මට වෛර කරන්න පටන් ගනීවි.. මට ඒක දරාගන්න බැරි වෙයි." මේ අතරතුර, දිනක් ඇගේ සැමියාට රාජකාරියක් සඳහා පිට පළාතකට යාමට සිදු වුණා. ආපසු නිවස බලා එන අතරමගදී ඔහු දරුණු රිය අනතුරකට මුහුණ දුන්නා. ඒ අනතුරෙන් ඔහුගේ ඇස් දෙකම අහිමි වුණා. නමුත් මේ කිසිම දෙයකින් ඔවුන්ගේ ආදරය අඩු වුණේ නැහැ. කාලය ගෙවී යද්දී චර්ම රෝගය නිසා ඇගේ මුළු රූපයම විකෘති වී ඇය ඉතාමත් අවලස්සන වුණා. නමුත් අන්ධ වූ සැමියාට එය පෙනුණේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ විවාහ ජීවිතයට එයින් කිසිම බාධාවක් වුණේ නැහැ. ඔහු පෙර පරිදිම ඇයට ආදරය කළා. දිනක් ඇය මෙලොව හැර ගියා. සැමියා දැඩි ලෙස ශෝකයට පත් වුණා. ඇගේ අවසන් කටයුතු නිම කර ඔහු ඒ නගරයෙන් පිටව යන්න තීරණය කළා. ඔහු යන්න හදනවා දුටු අසල්වැසියෙ...